අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේදී දේශිය වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද පුද බිමට කසල ටොන් 241 ක් බැහැර කරලා-මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් කියයි.
අවසන් වූ ශ්‍රීපාද වන්දනා (2024/2025) සමයේදී මාස 06 ක කාලය තුළ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණි දේශිය වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතයට හා පුදබිම තුල කසල ටොන් 241 ක් පමණ බැහැර කර තිබූ බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා පැවසීය.
2024 වසරේ දෙසැම්බර් සිට 2025 මැයි මස දක්වා මාස 06 ක කාලයක් මෙවර ශ්‍රීපාද වන්දනා සමය පැවතුණි. එම කාලය තුළ දිරණ කසල ටොන් 178 ක් හා නොදිරණ කසල ටොන් 63 ක් පමණ දේශිය වන්දනාකරුවන් විසින් බැහැර කර ඇති බවත් එයට ප්ලාස්ටික් ජල හා බීම බෝතල් ටොන් 03 ක් ද අයත් වන බව රාජවිරන් මහතා පවසයි.
ඉකුත් වසරට වඩා මෙම වසරේ වන්දනාකරුවන් විසින් පරිසරයට කසල මුදා හැරීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බව පවසන සිවරාම් රාජවීරන් මහතා, දේශිය වන්දනාකරුවන් කොතෙක් දැණුම්වත් කළද ඇතැම් පිරිස් පරිසර හිතකාමී ලෙස ශ්‍රීපාද වන්දනාව සිදු නොකිරීම නිසා මෙසේ කැළි කසල බැහැර කිරීම සිදු කර ඇති බව කියා සිටී.
මෙම කසල තොගය මස්කෙළිය ප්‍රාදේශිය සභාවට අයත් රිකාටන් ප්‍රදේශයේ පිහිටි කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් දිරා නොයන කසල වලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා වැඩිදුරටත් පැවසීය.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
Leave a Reply